Wednesday, November 9, 2011

ගෑනුංගෙ උලවු කෙල්ලංට විසේලු..!

උදේ පාන්දර ඉඳන් මේ හතරැස් කොටුව දිහා බලං හිටපු මට එක පාරටම බඩේ රුදාවක් හැදුන බොල!
හරි බරි ගැහිල පුටුවෙන් නැගිටල ගේ පුරාම ගද වපුරාගෙනම මම වැදුනා වැසිකිළියට.


හම්මේ දැන් නං පුදූම සනීපයක් දැනෙන්නෙ.

ඔහොමිං කොහොමිං හරි බාත් රූම කාමරෙන් එලියට ගාටල ආයෙත් සුපුරුදු හතරැස් කොටුවෙ වැඩේට යන්න සෙට් උනා. සාලෙ මැද්දෙං යද්දි අපෙ නැන්දලෑ දූ පොඩ්ඩ කට ඇරගෙන රූප පෙට්ටිය දිහා ඔහේ බලාන ඉන්නවා. මෙකි මේක ඇතුලටම රිංගල වගෙ..!

ඒකි බලන් ඉන්න දිසාවට ඉතින් ඉතින් මාත් මගෙ දෑස් කුට්ටම හැරෙව්ව.

හප්පේ බලන්න එපායැ, කිරි සුදට සුදේ බැබලි බැබලි ගැටිස්සියක් රූප පෙට්ටියෙ!

හරෝපු මගෙ දෑස් කුට්ටම රූප පෙට්ට්ටිය ඉස්සරහම ගල් උනා..... අම්මප ලොක් උනා..

එයා අනිත් ගැටිස්සිට මෙහෙම කියනවා.

"ඔව් ----, අපි අපේ ජීවිතය උපරිමයටම සාථක කර ගන්න ඕන, ඒකට අපි සියල්ලටම වඩා ඉදිරියෙන් තියන්න ඕනෙ අපේ මේ බාහිර ස්වරූපය. මොකද ගැහැණියක් උනහම තමන්ගෙ ජීවිතේ ප්‍රධාන අං ගයක් තමයි සමාජය ඉදිරියේ පිළිගත් චරිතයක් වීම................."

කතාවනං එළ..... හැබැයි පුස්!

ඒ වෙලාවෙ අපේ අම්මත් ආව එතනට......
කව්ද අම්මෙ මේ?
ඔය අර බියුටි කචල් කරන කෙනානෙ.........

මට හිතුන.
බලං යද්දි මේකි ගැටිස්සියෙක් නෙමෙයිනෙ බොල.....
අවුරුදු 38ත් පැන්න ඇනටි කෙනෙක් :p

හැබැයි ඉතින් කෙල්ල වගේ තමයි.... කොන්ඩෙ මලකඩ කාලා, ඒත් රත්තරං පාටයි, මොනවද මංද කුඩු වගයක් කොන්ඩෙ ඉහාගෙනද කොහෙද කේස් කලාපෙ දිලිසෙනව. ලඟ ඉන්න අනික් ගැටිස්සි කැලේ මෙයාගෙ බහුබූත දැක්කම. එක එක බෝතල් පෙන්න පෙන්න විකාර දොඩෝනව.

"මේකට කියන්නෙ ---- jojoba Cream මේක ගෑවහම සම මතුපිට තියෙන $%^&%@$ සියල්ලම දුරුවෙලා ලප කැලැළ් මැකෙනව මේකට පුලුවන් සම මතුපිට තියෙන රෝම කූප අසල සෛල ඇතුලටම කාවැදිල සමේ තියෙන තෙල් ස්වභාවය ඉවත් කරන්න. එතකොට සම සුසිනිදු වෙනවා"

බලං යද්දි අපේ සම ගැන දොස්තර වරුන්ට වඩා මෙයා දන්නව.

හනේ හපොයි....,,

ටික වෙලාවකට පස්සෙ රූප පෙට්ටියෙ දැම්ම මෙයා සහභාගි වෙච්ච සීන් එකක්. බැග්ග්‍රවුන්ඩ් මියුසික් එකකට english සිංදුවක් දාගෙන මෙයා බහිනව අළුත්ම අළුත් Montero එකකින්. එහන කෙල්ලො පෝළිමේ ඉඳගෙන පොර කනව මෙයාගෙ මූන අල්ලන්න. ඒහෙං මල් වඩං දානවා ෆොටෝ අල්ලනවා, කෙල්ලො වෙඩිං සාරි ඇඳගෙන මෙයාව දකින්න පොර කනවා,...... යකො ජනාදිපතිටවත් නැතුව ඇති මෙච්චර සැලකිල්ලක්!

"ළමයිවත් නැ මෙයාට ඔච්චර වයස වෙලත්" - අපෙ අම්ම කියයි.

ළමයි ඉඳීවි යැ මේ වගෙ උලවු කොරනකොට.

දවසක් අපෙ අක්ක ගියා PLUCK කරන්නද කියල සීන් එකකට. පැයක් දෙකක් ගියාට පස්සෙ එතනිං එලියට එනවා හැබැයි කිසිම වෙනසක් නෑ. මං ඉතිං ඇහුව මොකක්ද කොර ගත්තෙ කියල, එයා මට කියපි, "ප්ලක් කරා මෝඩයො පේන්නැද්ද?" කියල. බලද්දි ප්ලක් කරනව කියල පැය දෙකක් තිස්සෙ මූණෙ තියෙන මයිල් 2ක් 3ක් ගලෝල..... අපරාධෙ, මට කිව්වනං රේසරෙං ඇද බානවා තප්පර දෙකක් යයි වැඩිම උනොත් :p

කොහොමිං හරි මට මේ බ්ලොග ලියන්න හිතුනෙ අර කියපු ඇන්ටිලා කොරන විකාර දැකල. මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද එදා වේල කන්න නැතුව දුක් විඳින? සමහරු දවසටම කන්නෙ එක වේලයි. ඒත් එක කටටත් මදි. මෙහෙව් රටක සමහර කෙල්ලො ලක්ෂ ගණං වියදං කරනව මූණේ තියන ලපයක් මකා ගන්න. අම්මප මට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල කෙනෙක් නෑ. දැං ඉන්න කෙල්ලො දැක්කම ඒක ගැන හිතන්නත් එපා වෙනවා. කොහොම උනත් අපි ෆන් එකට ලවු කරන උදවියත් නෙමෙයි.
හැම කෙල්ලගෙම දැං බාහිර ස්වරූපය එක වගේ. උඩින් අවුල් වෙච්ච කොන්ඩෙ. ටිකක් පහලට වෙන්න සුදු පාට වෙච්ච මූන. :p ඊට පස්සෙ මොකක් හරි උඩට අඳින බැනියම. කෝටු දෙකක් වගේ තියෙන ඇඟටම හිර වෙච්ච කලිසම. යටිංම මොකක් හරි කලිසමට කිසිම ගැලපිල්ලක් නැති රබර් සෙරෙප්පු දෙකක්. බම්බලපිටියෙ රවුං ගහන කොල්ලංට ඕක හොඳට පුරුදු දර්ශනයන් වෙන්ටැති.
ඉතිං ඔය වගෙ එකියක් ල්වු කරන්න ගැලපෙයිද මං අහන්නෙ?

ඒ කාලෙ මේ ලංකාවෙ ඉදල තියනව ඉන්දියාවටත් වඩා රූප සුන්දරියො......
"ගෝවේ හෑනු පරාදයි කියන්නෙ නිකංද?" නේ?
හැබැයි දැං ලංකාවෙ ඉන්න කෙල්ලංගෙං බහුතරය ඉන්දියාවෙන් ගෙන්නපු cream උදේ ඉඳං රෑ වෙනකං උලපි උලපි උලපි................ ගෙදර උංව මතකත් නෑ එව්වා උලන්න ගත්තම.

අනේ හපොයි ලංකාවෙ කෙල්ලංට ගිය කල......!

මේ වගෙ කෙල්ලො පිලිබඳ පෝස්ට් එකකින් මං ආයෙත් දවසක එන්නං..... එහෙනං සුබ දවසක්!