Friday, November 18, 2011

ඌ මේසයක් අදින්නට ගොස් කිච විය.... සාදු සාදු...!!

ඔපිස් එකේ දැං හෝ ගාල වැඩ! එක පිට එක.... ඔය කියන මහා වැඩ ගොඩෙ න නා ඉන්න මම වැඩ ගොඩ එක්ක දැක්කා අපි දන්න කියන ලෝගෝ කට්ටක්, ඔයාලා දන්නවනෙ, රවුම් හැඩේ m අකුර! අර ඉන්ග්‍රීසි අකුරු තුන එහෙම නෙමෙයි, දන්නැද්ද, mac mac mac!!!!!





ඕක දැක්ක හැටියෙ මට මීට මාස දෙක තුනකට කලින් වෙච්ච සීන් එකක් මතක් උනා....!!

ආදරණීය පාසල් ජීවිතේ අගම අග හරියෙ තියෙන එළ කතාවක් තමයි මේ..

අපේ ඒ ලෙවෙල් පන්තියෙ අපිම හදාගත්ත ගැංසියක් හිටියා., ගැංසියට අපි නම දැම්මෙ GLADIATORS කියල, කොහොමද, රත් වෙනව නේ ඒකෙ සද්දෙට?

ග්ලැඩියෙටර්ල උනාට අපිනං දන්න කාලෙකට වලි කේස් ඇදගෙන නෑ.... ඔක්කොම කේස් ඉතින් පතියෙ උගන්නන වෙලාවට පීරියඩ් ටේබල් එකෙ සබ්ජෙට් මාරු කොරල පිට්ටනියට පැන ගන්න කොට තමයි.!!! මාට්ටු උනොත් එල, හැබැ අපේ උං ටිකට මාට්ටු නොවී පැනගන්න උපං හපං කම් තිබ්බ,

ඔන්න ඔන්න ඉතින් ට්‍රැක් පයිනවා, හෝව් හෝව්.......
අම්මප මම මොකක්ද මේ කිය කිය හිටියෙ ආහ්! හරි හරි

මෙන්න අපේ ගැංසියෙ ඇඩ්මින්ලා : උදේශ්, කනුස්, මම, මැක්සි, ටිපා, ඩෙපා, කලුවා, රාජ පස්ස, කඩයා, ජිනපාල, මලිඩු සහ පොලුකසන්න. ආහ් අමතක උනා, තව එකෙක් හිටියා ඌනං අපේ පන්තියෙ උන්ගෙන් අලි පඩ ටෝක් දාන උන්ගෙන් ෆස්ට් ප්ලේස් ගහල හිටියෙ, ඌත් කොහොම හරි අපේ ගැංසිය අස්සෙන් අස්සෙන් පාත් වෙවී හිටපු පොරක්!

මිනිහව අමතක උනාට මොකැයි මේ ඉස්ටෝරියෙ කථා නායකයත් පොරම තමයි!, කිච උනේ මිනිහ නිසා අපි මිනිහගෙ නම නොකිය ඉමු.....   ම්ම්ම්, නමක් නැතුව ගතියකුත් නෑනෙ, ඒක නිසා අපි මිනිහට බුවා කියල කියමු.

ඔන්න ඉතිං ඒ ලෙවල් විභාගෙත් ඉවර උනා.... විභාගෙ ඉවර උන සතුට ඉස්කෝලෙ ඇතුලෙම අපි කෑ ගගහා පිට කොලා... ඒත් අපේ උන්ට මදි..!


ඔහොමින් කොහොමින් හරි අපේ උං කතා උනා macdonald මංගච්ඡන්න! ගිහිල්ලා කාලා බීලා ගෙදර එන්න තමයි උන් ටිකට ඕන උනේ.... වාසනාවට වගේ අපේ ජිනපාලයගෙ උපන් දවස තිබ්බෙ ඔය දවස් හරියෙ! අපි ඉතින් කාලෙක ඉඳං මිනිහගෙ කන ඇතුලෙ කෑගගහා උන්නා.. "යකෝ උඹෙ බ්‍ර්ත් දේ එකට අපිට පාටි ඕනා"....

ඒකටත් හරියන්න මිනිහගෙ පොකැට් එකේ ගතමනාව තිබුනා

ඒක හින්ද ඔන්න එදා තමයි පිස්සු කෙලින්න එල!

ඔන්න ඉතින් ගැංසියම පේපරේ ඉවර උනාට පස්සෙ බස් කටුවක නැගල යන්න සෙට් උනා.........



අපේ උලව් වලට බස් කොන්දට මළ පයින්න ඔන්න සහ මෙන්න.!! කොහොම හරි මිනිහගෙ මළ පයින්න කලියෙන් අපි බහින තැනට ආවා.

දැන් තමයි කතාවෙ නියම ආරම්බෙ.
ආරම්බෙට කලින් අපේ බුවාගෙ චරිත සහතිකේ දුන්නනං හොඳා.................

බුවා අපේ පන්තියෙ උංගෙන් පොඩි පහේ කැත නමක් දාගෙන හිටපු පොරක්! ඒත් මිනිහනං හිතං හිටියෙ මිනිහා ඩයල් එක කියල. කොළඹ වටේම තියෙන කෙල්ලංගෙ ඉස්කෝල වලින් මුට කෙල්ලො දෙකා ගානෙවත් ඉන්න ඇති මයෙ හිතේ...... ඌ කෙල්ලංට බූට් දෙනවා... කෙල්ලො එව්වට හරියන්න මුට බූට් දෙනවා, මූට නං ඉතින් එව්වගෙ ගානක් නෑ..... ඒකෙම්ම තේරෙනවනෙ මුගෙ හැටි නේ?
අනික් එව්ව කියන්න ඔන්නෑ, කරුමෙටවත් ඌ එහෙම මේක දැක්කොත් මගෙ *ටේ තලනවා සිකුරුයි.... කොහොම උනත් මං මෙහෙම කියන්නංකො, "දන්නෝ දනිති..!!!"

අම්මපා...... දෙය්යො අපෙ දිහා බලලද කොහෙද!!! අපි වගේම විභාගෙ සතුට වැඩිවෙච්ච කෙල්ලො සූ සූ ගාලා මැක්ඩොනල්ඩ් එකේ...!!! අපේ උංට දැන් ඒක ඇතුලට යනකං ඉවසුම් නෑ..!!!! වැඩියෙම්ම ඇම්ම තිබ්බෙ අපෙ බුවාට.! මුට නිකං දිව්‍ය ලෝකෙ දැක්ක වගෙයි...(බොරු කියන්න ඕන්නෑ අපිටත් එහෙම තමා... හී)


කොහොම හරි මැක් එක හවුස් ෆුල්!, ඉස්කෝල 2ක 3කින්ම ඒ ලෙවල් කෙල්ලෝ!! :D

ඔන්න ඉතින් අපි මැක් එකේ දොර ලඟට ආවා... මෙන්න යකෝ අපේ බුවාට කෝල් එකක්!!

"Ahh ya ya Alright machan I can fix that yeah
you just give me the details of them and.....bla bla bla"

මූත් නොදන්න ඉංගිරීසියක් මුගේම කටේ.......!!

අපිත් ඉතින් "අනෙ පලයං බං යන්න උඹෙ උලව් බිස්නස් කෝල්!!!!!!" කියල ඇතුලට ආවා.... කෙල්ලො කෙල්ලො සූ සූ ගාලා......... බුවා නිකං ෂාරුක් ඛාන් වගෙ සෙල්ලං දානව ඒක ඇතුලෙ.

අපේ කට්ටියක් කෑම ඕඩර් කරන්න ගිය වෙලාවෙ මම ගියා අපේ උන්ට වාඩි වෙන්න තැනක් හොයන්න. හොයන්න ඕන්නෑ... අලි දිග මේසයක්ම හිස්.. මමත් ඉතින් එතනට ගිහිල්ල ඉඳගෙන හිටියා.... හතර වටේම කෙල්ලො.,, මාත් නිකං කූල් වෙවී තමයි හිටියෙ., ඊට පස්සෙ මම එතනිං මගෙ බෑග් එක තියල නැගිට්ටා.

මෙන්න අපේ බුවා කෙල්ලො දිහා බල බල මගෙ දිහාවට ආපි!

"මචං උඹ ඉඳගන්න තැනක් සෙට් කර ගත්තද?"

"ඔව් බං මේ තියෙන්නෙ ගැසියටම ඇති වෙන්න". මං කිව්ව

මදි වගේ බං වරෙංකො මාත් එක්ක........
කියල ඌ මාත් එක්ක කෙල්ලො ඉන්න තැනකට ආපි!

එතන හිටියා කෙල්ලො ගොඩාක්! පොඩි පොඩි හතරැස් මේස ටිකක් උඩ බෑග් එකක් තියල කෙල්ලෙක් පැත්ත්කට වෙන්න ඉඳං හිටියා... මූට අච්චර ඉඳගන්න ඉඩ තියෙද්දි මූ ගිහින් අර කෙල්ලට තට්ටුවක් දැම්මා.
එන පොට හොඳ නෑ කියල හිතිච්ච හින්දා මං එතනින් ෂෙප් එකේ මාරු උනා........
හැබැයි ඌ කතාකරපුවනං ඇහුනා

මේ excuse me? ඔයා මෙතන ඉන්නවද? මම මේ මේසෙ පොඩ්ඩක් ගන්නද? - ඌ අර කෙල්ලගෙන් ඇහුවා
ඒක අහනකොටම ඒ කෙල්ලගෙ යාලුවො ඔක්කොම මූ දිහා බැලුවා. ඔන්න දැං මූ පොර!! (ඌ හිතං හිටපු විදිහ)

Ah? what? ආ හරි ගන්න - ඒ කෙල්ල මේසෙ උඩ තිබ්බ බෑග් එක අයින් කරගත්තා



ඔතනිං එහාට උන සීන් එක හින්දා අපේ ගැසියම තව පොඩ්ඩෙං කිච වෙනවා... අපි එතන කෑම කෑවෙ මිනිහව කෙල්ලංගෙං හංගල, .....
මොකක්ද දන්නවද උනේ?

පඩ ටෝක් දැම්මට ඌට මේසෙ එතනින් හොල්ලන්නවත් බැරි උනා.......

ඒ මේසෙ පොලවට හයි කොරපු එකක්!!!! හුටා.............!!! :D :D :D




එසේනම් අපේ බුවා..., මේසයක් අදින්නට ගොස් කිචේ කිච විය...!
සාදු සාදු සා.....දූ... අනේ ආයෙ හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා.....




11 comments:

  1. Haha! LOL! :P Buwa?? o.O :P

    ReplyDelete
  2. ha ha M outta ma breath :D :D NICE ONE INDIKA!!!!!!honda wade BUWAta!!

    ReplyDelete
  3. බුවා කාන්තාවෝ මැද නාකියාගෙන වගේ ..

    ReplyDelete
  4. heheheeeeeeeeeeeeeeee.. kaude me buwa? patta seen eka! :D :D

    ReplyDelete
  5. මෙක අපෙ ඉන්දික අයියාට උන real සින් 1ක්.ඇටයා වගෙ හිටියට අපෙ ඉන්දික අයියා මාර වැඩකාරයා....

    ReplyDelete
  6. හප්පේ මාර සීන් එකක් නේ...හික් හික් හික් .....

    ReplyDelete
  7. @Thush, මට උන එකක් නෙමෙයි බොල මම දැක්ක එකක්!!

    @ඔබ නොදුටු ලොවක් , හිස් අහස : නැතුව නැතුව!!! තරු පහේ කෙල්ලො ගොඩක් ඉස්සට චාටර් වෙන එක තරං ජරාම කතන්දරයක් වෙන කොහෙවත් නැතුව ඇති!!!!

    ReplyDelete
  8. කවුද බං ඩයල් එක!! ලාවට වගේ කියපන්කො !! පට්ට ස්ටෝරි එක මචෝ !!!!!

    ReplyDelete
  9. මෙහෙම එකක් මට වුනා නම් පොලව පලාගෙන යනවා.he heeeeeee.:D
    නියම story එක මල්ලි....

    ReplyDelete
  10. patta! man ada thamai issellama mee paththe aawe! ela ela! maru kathawa bn!

    ReplyDelete