Wednesday, November 9, 2011

මුහුණු පොතක ආරාධනය.......

මුහුණු පොත තුල
කා දැමුවෙමි
වටිනා කාලයෙන් බිඳක්,
ඔබෙ මුහුණ දකින්නට.....

ඔබගේ මුහුණ
සොයමින් දින ගනන්.....
අනේ ඔබගේ
මුහුණ කොහිදැයි?
එක් දිනක්
දුටුවෙමි පොතෙහි
ඔබගේ නව මුහුණ
ලද සැණින් එවූයෙමි
මගේ ආරාධනය......
දින ගනන්
සති ගනන්
මාස ගනන්..........
අනේ පිළිගන්න.......මගේ
ආදරිය....
මුහුණු පොතක ආරාධනය.......


1 comment: